Skip to main content

Express Js - එක්ස්ප්‍රස් js වලින් වැඩ ගනිමු


යළුවනේ, අද ම්ං මේ කියන්න යන්නේ තවත් JavaScript Library එකක් ගැන. ඒ Express JS. මේක Node.Js වලටම හදපු Web Framework එකක්. Express කියන්නේ වෙබ් සහ ජංගම යෙදීම් සඳහා ශක්තිමත් විශේෂාංගයක් සපයන අවම හා නම්‍යශීලී Node.js Web Framework එකක්. (වෙබ් යෙදුම් රාමුවක්).
මේ Framework එකෙන් පරිශීලක අතුරු මුහුනතයි (User Interface) එකයි Back End එකයි එකතු කරන්න API (Application Programming Interface) එකක් හදාගන්න පුළුවන්. ඒ කියන්නේ අපි හදන වෙබ් ඇප්ලිකේශන් (Web Application) එකේ පරිශීලකයාට පෙනෙන UI එකයි Server එකේ තියෙන ප්‍රධානම බිස්නස් ලොජික් (Business Logic) එකයි සම්බන්ධ කරන්න පුලුවන් මේ Framework එකෙන්.

Node JS : npm පාවිච්චි කරල හරිම පහසුවෙන් අපේ project එකට එකතු කරගන්න පුළුවන්. Project path එකේ console එකක් අරන් එකේ මේ code එක execute කරන්න මුළින්ම. මේකෙන් project එකට අවශ්‍ය Express node module එක ඔයාගේ project root එකේ node-modules එකට එකතු කරනවා.


$ npm install express --save

දැන් ඔයගේ ප්‍රොජෙක්ට් එකට Express dependencies එකතු වෙලා තියෙන්නේ. දැන් app එකක් හදන්න මෙන්න මේ විදිහට server.js කියල file එකක් open කරලා මෙ code එක ලියන්න. (මේ පියවර කරන්න කලින් Node Js ඔයාගේ computer/server එකෙ Install කරලා project එකටත් එකතු කරගෙන තියෙනවා කියලා හිතමු)


const express = require('express')
const app = express()
const port = 3000

app.get('/', (req, res) => res.send('Hello World!'))

app.listen(port, () => console.log(`Example app listening on port ${port}!`))


දැන් මේ කෝඩ් එක run කරන්න. const app = express() කොටසින් express app object එකක් ක්ෂණිකව හදාගන්න පුළුවන්. මේ app එක server එකක් ආරම්භ කරනවා. ඒ app එක අපි දීලා තියෙන ආකාරයට port 3000 එකට සම්බන්ධතාවයක් එන තුරු බලන් ඉන්නවා.

node server.js


දැන් web browser එකක් open කරලා http://localhost:3000 එකට යන්න. localhost කියන්නේ server එකේ නම. 3000 කියන්නේ server එකේ public open කරපු port එක. අවසානයේ web browser එකේ "Hello World!" කියල ඔබට දකින්න ලැබේවි. වරදක් ඇති නම් ප්‍රවේශමෙන් console එකේ ඇති errors කියවලා බලන්න.

Pro tip එකක්: ඔයා ඉන්නේ එකම network connection (Ex: wifi router) එකකට connect වෙලා නම් phone එකෙනුත් මේ app එක බලන්න පුලුවන්. කරන්න තියෙන්නේ localhost වෙනුවට ඔබේ පරිගණකයේ IP ලිපිනය යෙදීමයි. Ex: http://192.168.1.1:3000

මේ තාක්ෂණික කරුණු හොදින් මතක තියාගන්න. දිගටම node and express එක්ක practice කරන්න. තවත් කරුණු අත්දැකීමෙන්ම ඔබට අවබෝධ වේවි. express වලින් ලොකු ලොකු වැඩ කරන්න පුළුවන්. Routers, Controllers සහ Models ගැනත් තව ගොඩක් කරුණු තියෙනවා. අපි ඒ ගැන ඉදිරියේදී කතා කරමු.

Comments

Danny Danials said…
You will like it to enjoy our new app Score! Hero Mod Apk : which you could download and enjoy loose.

Popular posts from this blog

GIT & GitHub A to Z

Concept of Version Controlling.  Version control  is a system that records changes to a file or set of files over time. Then you can recall specific  versions  later. For the examples in this blog, you will use my source code on GitHub as the files being  version  controlled. There are three types of Version Control Systems. 1. Local Version Control System ( maintains track of files within the local system ) 2. Centralized Version Control System (   files are tracked under the centralized server ) 3. Distributed Version Control System ( clients completely clone the repository including its full history ) Those version control systems are  broken down into two main categories,  centralized  and  decentralized  ( distributed ). The GIT terminology Most version control systems involve the following concepts. Popular Version Control Systems: SVN:  https://subversion.apache.org/ Git: ...

Express.js වලින් වැඩ ගන්න

කොහොමද අපේ වැඩ්ඩො ටික … . අද මං මෙ ලිපියෙන් ගේන්නේ server side වැඩ කරන්න පුළුවන් framework එකක් ගැන . ඒ Express Js . නමින්ම එක Express . ඒ බව මේ Framework එකෙන් වැඩ කරද්දි ඔයාට තේරෙයි . Express වලින් වැඩ ගන්න නම් ඔයා මිට කලින් NodeJs ගැනයි JavaScript ගැනයි දැනගෙන ඉන්න ඕනේ … මොකක්ද මේ Express කියන්නේ ? Express හදලා තියෙන්නේ server side එහෙමත් නැතිනම් back end එකේ implementation වලට . Back-end, Front-end ගැන අපි කලින් කතා කරලා තියෙනවා . Express වලින් පුළුවන් ඔයාගේ computer එකේ port එකක් http සදහා open කරන්න . එහෙම කරලා ඔයාට පුළුවන් ඔයාගේ computer එකේ වෙබ් අඩවියක් උනත් publish   කරන්න . ●        Web application නිර්මාණය කිරීමට සහ API නිර්මාණය කිරීමට ●        බොහෝ විශේෂාංග සහිත වීම (available via plugins) ●        පැමිනෙණ requests දිෂාගත කළ හැකි වීම (routing) ●    ...